අප ගැන

මෙය අංක 06/6473 යටතේ රජයේ ලියාපදිංචි නාමය වන ආර්ය බිළිදු නාම හරහා අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන සේවාවකි..

බිළිඳු දරුවාට නම් තැබීමේදී ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ඉතා වැදගත් භුමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව බිළිඳාගේ ජිිවිතය ශුභදායකව ගතකල හැක. නාමය වසරක් හෝ යම් කාලයකට සිමා නොවන ජිවිතකාලයක් පුරාවට බලපාන්නක් නිසා අතිතයේ සිටම ජ්‍යෝතිර්වෙිදයටම අනුව නම් තැබීම සිදු කිරීම සිරිතකි. ඒ ආකාරයෙන් ජිවිතයේ බොහෝ අවස්තාවන්හිදි ආගම්භේදය දුරලා ලෝකයා මෙම ජ්‍යොතිෂයේ උදව් උපකාර ලබාගනී.

නවින තාක්ෂණික දියුණු ක්රම මගින් මව්කුස තුළ සිටින්නේ ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන්න දැනිමේ හැකියාව වර්තමානයේ පවතී .එතැන් පටන් ඕනෑම දෙමාපියෙකුගේ ඊළඟ සිහිනය නම් තම බිළිඳාට සුළභ නොවු අලංකාරවත් නමක් තැබීම ය. නමුදු ජ්‍යොතිෂානුකුලව දරුවාගේ උපන් දිනය, ලග්නය, නැකතට ගැලපෙන නමක් යෙදිමට සිදුවිම නිසා මාපියන් මහත් අපහසුතාවලට මුහුණපානු ලැබේ. සමහර අවස්තාවන්හිදි අක්ෂරය පමණක් යොදාගෙන නමක් තැබුවද බොහෝ මව්පියන් එහි අර්ථය, ගණ පිහිටුවීම, එය දෙමාපියන්ට ශුභ ද අශුභ ද යන්න පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි. ඒ සියලු අපහසුතා මගහරිමින් අප විසින් වසර ගණනාවක්ම ජ්‍යොතිෂානුකුලව නමි තැබීමේ කාර්යයෙහි අනගි මෙහෙයක් සිදුකරනු ලබයි.

ඒ අනුව මෙම සේවාව 100% නිවැරදි ජ්‍යොතිෂ මුලධර්ම උපයෝගි කරගනිමින් ඊට අදාළව ඔබෙ බිළිඳා ගේ නාමය අප විසින් ලබාදෙනු ලැබේ. එම සේවාව ඉහළ නිරවද්‍යතාව කින් යුතුව ජිිවිතය පුරාම නිතර කියැවෙන ශුභ නමක්, ශුභ ග්‍රහ ශක්තියකට අනුව ශුභ ගණයකට අනුව මහා ශක්තියක් සමඟ පිරිපුන් අනාගතයක් ඔබෙ දරුවාට හිමිකරදිම අපගේ මෙම සේවාවේ අරමුණයි.